Sunday, May 5, 2024

General line - 0115112241

එස්. වියාලේන්ද්‍රන් නව රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි




පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙම දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.