Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා පිළිබඳ අසත්‍ය තොරතුරු පැතිරවූ අයෙක් අත්අඩංගුවට




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයෙකු වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කලූබෝවිල රෝහල් පාලනාධිකාරිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි. 60 හැවිරිදි වැල්ලවත්ත විවේකානන්ද පටුමගේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ රෝගියෙකු කලූබෝවිල රෝහලෙන් නිවස බලා පිටත් කර ඇති බවට අසත්‍ය පුවතක් මෙම සැකකරු විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රට පුරා ඇදිරි නීතිය පනවන බවට අසත්‍ය පුවතක් ඊයේ දිනයේ ද සමාජය මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එය සමාජය මාධ්‍යයට මුදාහළ පුද්ගලයින් සෙවීමට පොලිස් කණ්ඩායමක් 3ක් පත්කර ඇති බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

එවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත කර වැරදිකරුවෙකු වන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව පවතින අතර ඔහුට වසර 02 ක සිරදඬුවමක් ද නියම කිරීමට හැකියාව පවතින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.