Monday, May 6, 2024

General line - 0115112241

උසස් පෙළ හා ශිෂ්‍යත්වය පිලිබඳ අවසන් තීරණය




05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බව රජය පවසනවා. 

ඉදිරි පැය 48 තීරණාත්මක බැවින්, නිකුත්වීමට නියමිත ඡුක්‍ඍ පරීක්ෂණ වාර්තා අනුව අදාළ විභාග සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර පාසලක එක් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව 02 වන ශේ‍්‍රණීයේ සිට 13 වන ශේ‍්‍රණීය දක්වා එක් පන්තියකට සිසුන් 45 බැගින් ඇතුළත් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ. 

පළමු ශේ‍්‍රණිය සදහා පෙර පරිදිම එක් පන්තියකට සිසුන් 35 දෙනෙකු ඇතුළත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා. ඉදිරි වසර 3 තුළ ජාතික පාසල් දහසක් ඉදිකිරීමට නියමිත අතර එය ඉදිකර අවසන් වන තෙක් එක් පන්තියක් සදහා අදාළ සිසුන් සංඛ්‍යාව ඇතුළත් කර ගැනීමටයි ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. 

මෙම තීරණය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළ කළා.