Monday, May 6, 2024

General line - 0115112241

තවත් ආසාදිතයින් 220ක් - ඊයේ හඳුනාගත් පිරිස අතර දිස්ති‍්‍රක්ක 16 ක පදිංචිකරුවන්




මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ එම කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් සඳහා ඊයේ සිදුකළ ඡුක්‍ඍ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වූ බවයි.

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පොකුරෙන් ඊයේ දිනයේදී ද ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව දිවුලපිටියේ කාන්තාව සහ ඇයගේ දියණිය ද ඇතුළුව මේවනවිට එම ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 323 ක්. 

ඊයේ දිනයේදී හඳුනා ගැනුණු ආසාදිතයින් 101 දෙනා, දිස්ති‍්‍රක්ක 16 ක පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එම ආසාදිතයින් පිරිස අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ 56 දෙනෙකු, යාපනය දිස්ති‍්‍රක්කයේ 13 දෙනෙකු, මාතලේ දිස්ති‍්‍රක්කයේ 06 දෙනෙකු, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ 05 දෙනෙකු සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ 04 දෙනෙකු ද වනවා.

එමෙන්ම බදුල්ල සහ පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් වාර්තා වන අතර අම්පාර දිස්ති‍්‍රක්කයෙන් ද ආසාදිතයින් 02 දෙදෙනෙකු වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

අනුරාධපුරය, කෑගල්ල, කිලිනොච්චිය, මාතර, මොණරාගල, පොළොන්නරුව සහ වවුනියාව දිස්ති‍්‍රක්කවල පදිංචි සේවිකාවන් එක් අයෙකු බැගින් ද ඊයේ සොයා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරට අයත් බව ද යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවා. 

මේ අතර  මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පොකුරෙන් හදුනා ගැනුනු කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලූ‍ ආශ‍්‍රිතයින්, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර තිබෙනවා.

ඊයේ දිනයේ හදුනා ගැනුනු ආසාදිතයින් 101 දෙනාගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. දෛනිකව 3,000 ත් 3,500 ත් අතර ඡුක්‍ඍ පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යංශය සතු බව ද යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා. 

කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන, කි‍්‍රයාත්මක වීම මේමොහොතේ සිදුකළ යුතුව ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවිකාවන් සහ කාර්යය මණ්ඩලය සාමාජිකයින් ගණන 1400 ක් වන අතර ඔවුන් සියලූ‍ දෙනා නිරෝධායනයට යොමු කිරීමට මේවනවිටත්  පියවර ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූ‍ම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත‍්‍රීක්කයෙන් හදුනා ගැනෙන කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගෙන තිබෙනවා. එමෙන්ම කොරෝනා ආසාදිතයින් බවට සැක කෛරන රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.