Wednesday, May 8, 2024

General line - 0115112241

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් ආසාධිතයන් එකසිය එකක් - තවත් සමාජයෙන් හමුවිය හැකියි




මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයින්ගේ ආශ‍්‍රිතයින් 101 දෙනෙකුට සහ තවත් සේවකයින් දෙදෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. 

ඒ අනුව එම පොකුරෙන් ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයින් 103 දෙනා සමග බ‍්‍රැන්ඩික්ස් ආසාදිත පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,186 ක්. 

බ‍්‍රැන්ඩික්ස් ආසාදිත පොකුරේ කොරෝනා වෛරසය ආසාදනය වූ ආශ‍්‍රිතයින් තවදුරටත් සමාජයෙන් හමුවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එබැවින් නිවාඩු දිනයක් වන අද දින අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන ලෙසයි යුද හමුදාපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා ඉකුත් 04 වනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළ`දසැල් 80 කට පමණ ගොස් එළවළු මිලදී ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 

මෙම ආසාදිතයින් දෙදෙනාගෙන් අයෙකු දිවුලපිටිය ප‍්‍රදේශයේ පදිංචි අයෙක්. එම පුද්ගලයා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප‍්‍රදේශයේ සංචාරය කර ඇති අතර අදාළ සේවකයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි ඔහු සහ අනෙක් පුද්ගලයාට සිදු කළ පරීක්ෂණයේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. දැනට එම පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර ස`දහා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එම තත්ත්වයත් සමග ඊයේ රාති‍්‍රයේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමට පියවර ගැනුණා. අද දිනයේ එම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ 100 ක් සිදු කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.