Wednesday, May 8, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් මාළාවක්




අද පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවාවක් කි‍්‍රයාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. විභාග මධ්‍යස්ථාන වෙත දුම්රියෙන් ගමන් කරන සිසුන් සහ මව්පියන් සඳහා විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය 02 ක් කොළඹ සහ පොල්ගහවෙල අතර ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සඳහන් කළේ.