Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිතයන් ගණන 18,000 ඉක්මවයි




මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 18,000 ඉක්මවා තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 401 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු සියලූ ආසාදිතයින් මෙරටින් පෙර හඳුනා ගැනුණු ආසාදිතයින්ගේ ආශි‍්‍රතයින් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.  

ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,075 ක්. ඉන් ආසාදිතයින් 12,210 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 5,799 ක්.