Sunday, April 28, 2024

General line - 0115112241

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය ගැන තීරණය අද




පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් එම වෙළද සංකීර්ණයේ පාර්ශව සමග සාකච්ඡුා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

අද පැවැත්වෙන සාකච්ඡුාව සම්බන්ධයෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේද අදහස් පළ කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළද ප‍්‍රජාවට ඉදිරියේදී සහන ලබාදීමට ද අවධානය යොමුව ඇති බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී ප‍්‍රකාශ කළේ.