Sunday, April 28, 2024

General line - 0115112241

හුදෙකලා ප‍්‍රදේශවල ලිපි බෙදීමට තැපෑල සූදානමේ




හුදෙකලා ප‍්‍රදේශවල ආයතනවලට අදාළ ලිපි බෙදාහැරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම ප‍්‍රදේශවල රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළහොත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අත්හිටවූ තැපැල් කටයුතු ලබන සදුදා සිට යළි ආරම්භ කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර  අද සහ හෙට දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව මෙම දින දෙකෙහි පෙරවරුවේ දුම්රිය 06ක් පමණක් කොළඹට පැමිණෙන බවත් එම දුම්රිය පස්වරුවේ නැවත ගමනාන්ත දක්වා ධාවනය කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියා. ඊට අමතරව ප‍්‍රදේශීය වශයෙන් ධාවනය කළ දුම්රිය එළෙසම ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.