Saturday, May 4, 2024

General line - 0115112241

රුසියාව කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි




සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් සිටිනවා. ඒ අනුව වෛරසයෙන් වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට මොස්කව් අගනුවර සායන මගින් මෙම එන්නත, එන්නත් කිරීම සිදු කරනු ඇති. මෙලෙස ජනතාවට එන්නත් කරන්නේ ස්පුට්නික් V නම් එන්නතයි.

රුසියානු විශේෂඥයින් පවසන්නේ මෙම එන්නත සියයට 95 ක ඵලදායිතාවක් පෙන්නුම් කරන බවයි. එමගින් විශාල අතුරු ආබාධ ඇති නොවන බවද ඔවුන්ගේ අදහසයි.

මෙම සති අන්තයේ දී අදාල එන්නතෙන් පළමුවැන්න ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් දැනටමත් ලියාපදිංචි වී අවසන්. එහෙත් රුසියාවට කොපමණ එන්නත් ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද යන්න මේ දක්වා ප‍්‍රකාශ කර නැහැ. එන්නතේ නිෂ්පාදකයින් ද අපේක්ෂා කරන්නේ වසර අවසාන වන විට එන්නත් මාත‍්‍රා මිලියන 2 ක් නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි. කෙසේවෙතත් පාසැල් හා සෞඛ්‍ය සේවයේ නියුතු මිලියන 13 ක ජනතාවට සහ සමාජ සේවකයින්ට එන්නත ලබා දීමටයි එරට බලධාරීන් දැනටමත් සැලසුම් කර ඇත්තේ.