Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා මර්ධන එන්නත 90 හැවිරිදි කතකට පළමුව ලබා දෙයි




අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කෙරෝනා මර්දන එන්නත බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ කෙරුණා. 

මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ ආරම්භ කරමින් උතුරු අයර්ලන්තයේ වයස 90 හැවිරිදි මාග්‍රට් කීනන් නම් කාන්තාවට එන්නත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසයට එරෙහි එන්නත ලබා ගත් ලොව පළමු පුද්ගලයා වීම තමාට මහත් වරප්‍රසාදයක් යැයි හැඟෙන බව ඇය පවසා ඇත්තේ.

පවුලේ උදවිය සහ මිතුරන් සමග නව වසරේ කාලය ගත කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බැවින් එය තම උපන්දිනයට පෙර ලද හොඳම තෑග්ග බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එම එන්නත ලබා දෙන අයුරු දැක බලා ගැනීම සඳහ රෝහලක් වෙත පැමිණ සිටින අයුරු දක්නට ලැබුනේ මේ අයුරින්.