Monday, April 29, 2024

General line - 0115112241

රැඳවියන් අටදහසකට ලබාදෙන නිදහස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාළ නොවන බව රජය කියයි




බන්ධනාගාරගතව සිටින රැඳවියන් අටදහසක් පමණ නිදහස් කිරීමට ඉදිරියේදී අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනුණ ද එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාළ නොවන බව රජය පවසනවා. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.