Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා මඩින හෙල ඔසුව බෙදා හැරීම අත්හිටුවයි




කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බව පැවසෙන දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර නිපදවූ ඖෂධය බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම ඖෂධය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හා නිර්දේශ ලැබෙන තෙක්  එය බෙදාහැරීම අත්හිටවූ බවයි කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසුවේ.

කෑගල්ල, හෙට්ටිමුල්ල උඩුමාගම ප‍්‍රදේශයේදී දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර විසින් නිපදවූ ඖෂධය ඊයේ දින බෙදා හැරුණා. එය ලබාගැනීම සදහා  දස දහසකට අධික පිරිසක් පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.