Wednesday, May 1, 2024

General line - 0115112241

උත්සව සමයේ ඇඳිරි නීතිය පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති කියයි




උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් හෙට දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඊට අමතරව අධිවේගි මාර්ගයේ පිවිසුම් දොරටු අසලද රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මීට පෙර රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම තුළින් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු මේ වනවිට හදුනාගෙන ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සිට විශේෂ වැඩපිළවෙලක් කි‍්‍රයාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවා.