එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 23 වන දින පැවැත් වුණා. එහිදී දීර්ඝ වශයෙන් කොරෝනා වෛරසයට එරෙහිව සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ වෛරසය මැඩපැවැත්වීම හරියාකාරව සිදු නොවන නිසා ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ඒ අතරේ රාජ්‍ය සේවකයන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හට පැවරීමට එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.
මේ අතර හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් 2021 වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නව සැලැස්මක් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටිනවා. එය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත නුදුරේදීම භාර දීමට නියමිතව ඇත.