Friday, November 1, 2024

General line - 0115112241

ඉන්දියාව යුද උපකරණ වෙළෙදා⁣මෙන් පෙරට




ඉන්දියාව යුද උපකරණ අපනයයෙන් උපයන ආදායම තීරණාත්මක ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2017-2018 කාලසීමාවේදී ඩොලර් බිලියන 0.66ක් පැවති එරට යුද උපකරණ අලෙවි ආදායම 2018-2019 කාලසීමාවේදී ඩොලර් බිලියන 1.7 ක් දක්වා කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව එරට  වාර්තාවල සදහන් වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ වසර පහක් තුළ අදාළ ආදායම ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි. සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාව ලොව යුද උපකරණ අලෙවියේ ප්‍රමුඛ රටවල් දහය අතරට එක්වනු ඇති.

සැලසුමේ කොටසක් ලෙස එල⁣⁣ඹෙන පෙබරවාරි මාසයේදී ඇරෝ ඉන්දියා 2021 නමින් අන්තර්ජාතික යුද උපකරණ ප්‍රදර්ශනයක් බැංගලෝරයේදී පැවැත්වීමට නියමිතයි. 

 ඉන්දියාව දැනටමත් රටවල් 42 කට යුද උපකරණ අලෙවිය සිදුකරන අතර ආසියානු සහ අප්‍රිකානු රටවල් ඔවුන්ගේ ප්‍රධානතම වෙළෙදපලයි.