දෙසැම්බර් 18 වනදායින් අවසන් වූ සතිය තුලදී එංගලන්තයේ වෙසෙන සෑම පුද්ගලයින් 85 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි බි්රතාන්යයේ ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාලය පවසනවා.
එම කාලය තුලදී වේල්සයේ වෙසෙන සෑම පුද්ගලයින් 60 දෙනෙකුගෙන් එක් අයෙකුටමත්, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි බි්රතාන්යයේ ජාතික සංඛ්‍යාලේඛණ කාර්යංලය පැවසුවේ. බි්රතාන්යයෙන් මේවනවිට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 02 ක් හඳුනා ගෙන ඇති අතර එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්පේ‍්‍රෂණය වීම ඉතා වේගවත් බව ද එරට සෞඛ්‍ය බලධාරීන් මේවනවිට අනාවරණ කර තිබෙනවා.
මේ අතර අමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයට පැමිණෙන විදෙස් සංචාරකයින් නිරෝධායනයට ලක් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බි්රතාන්ය හා දකුණු අපි‍්‍රකාව තුළ ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව නිව්යෝර්ක් නගරයට ඇතුළුවිමට අපේක්ෂා කරන සියලූ සංචාරකයින් නගරයට ඇතුළුවීමට පෙර තමන්ට නියමිත ස්ථානයේදී දින 14 ක් නිරෝධායනයට ලක්විය යුතු බවටයි නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ නියෝග කර ඇත්තේ. එම නිරෝධායන රීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 1000 ක දඩ මුදලක් පැනවෙනු ඇති බව ද නගරාධිපතිවරයා සඳහන් කළා.