Friday, May 10, 2024

General line - 0115112241

රඹෑවේ සහ වැලිකන්දේ සභාපතිවරුන් ගැන ආණ්ඩුකාරවරයා කතා කරයි




පරිපාලනයේ ඇති වූ දුර්වලතා පිළිබඳ ලැබුණූ පැමිණිලි විමර්ෂනයෙන් පසුව වැලිකන්ද සහ රඹෑව ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ පාලනය මාස තුනකට අත්හිටුවු බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පවසනවා. ඒ සම්බන්ධයෙන් විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකුගේ යටතේ පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මක බවයි ආණ්ඩුකාරවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රඹෑව ප‍්‍රදේශිය සභාවේ සභාපති අජිත් ප‍්‍රසන්න තෙන්නකෝන්ගෙන්ද විමසීමක් කළා. 

තමන්ද චෝදනාවට ලක්වන කිසිදු ආකාරයේ කටයුත්තකට සම්බන්ධ වී නොමැති බවයි වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපති පි‍්‍රයන්ත කවිඳු අබේසූරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටු කිරීම හා බලතල කි‍්‍රයාත්මක කිරීම පොලොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජුනයිඞ් මොහොමඞ් අමීන්ට පවරා තිබෙනවා. 

රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටු කිරීම හා බලතල කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩුකාරවරයා විසින් පවරා ඇත්තේ එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සාලිබුගේ තයිබුටයි. ඒ, ආණ්්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.