Sunday, May 5, 2024

General line - 0115112241

තුර්කි ජනපති පවුලට දූෂණ චෝදනා 




තුර්කියේ ජනාධිපති තායප් එර්දොගාන්ගේ පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා එරට තුළ මෙන්ම තවත් ඉස්ලාම් රටවල් රැසක මහත් ආන්දෝලනයට හේතුවී ඇතැයි වාර්තා වේ.

දූෂණ සහ මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා ගණනාවක් තුර්කි ජනාධිපති පවුලේ සාමාජිකයන් වෙත එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එර්දොගාන්ගේ බෑණා වන තුර්කියේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන බේරාත් අල්බේරාක් අදාළ දූෂණ චෝදනාවලට ලක්වී සිටින ප්‍රමුඛතම පුද්ගලයා බවයි.

ඔහු අයථා ලෙස උපයාගත් මුදල් ජනාධිපති එර්දොගාන්ගේ පක්ෂය වන ඒකේ පක්ෂය හෙවත් යුක්ති සහ සංවර්ධන පක්ෂයේ ඉහළ නායකයන් සමග බෙදාහදාගන ඇති බවටද වාර්තා පළවී තිබේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ විදේශ සබදතා කමිටුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ බේරාත් අල්බේරාක් ඉරානයට එරෙහි අන්තර්ජාතික ආර්ථික සම්බාධකවලට අදාළ කොන්දේසි උල්ලංඝනය කරමින් විවිධ ගනුදෙනු සිදුකිරීමටද මැදිහත් වී ඇති බවයි.