Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් ගැන තොරතුරු හෙළි කළැයි සිරගත කළ චීන මාධ්‍යවෙිදිනිය නිදහස් කරන්නැයි ඇමරිකාවෙන් ඉල්ලීමක්




සිව් අවුරැදු සිර දඩුවමක් නියම වී සිටින චීන ජාතික පුරවැසි මාධ්‍යවේදිනියක වූ ෂැන්ග් ෂාන්ග් නිදහස් කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ චීනයේ මෙම ක්‍රියාවලිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සිදුකළ බරපතල හානියක් බවයි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට චීන බලධාරීන් විසින් නීතිඥවරියකද වූ ෂැන්ග් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියේ සජීවී අන්තර්ජාල විකාශනයක් හරහා වූහාන් නගරයේ කෙරෝනා තත්වය පිලිබද ප්‍රකාශ කිරීමෙිදී  අනර්ථයක් සිදු කළ බවට චෝදනා නගමිනි.

මීට අදාළ නඩුව විභාගයට ගත් ෂැන්හයි අධිකරණය පසුගිය 28 වනදා ඇයට සිව් වසරක සිරදඩුවමක් නියම කළ අතර මෙි වන විට එම සිදුවීම සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ති⁣බේ.