Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා මැද ඉන්දීය කොටස් වෙළෙදපලට විදේශ තල්ලුවක්




කොරෝනා වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ කොටස් වෙළෙද පලේ විදේශ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දියාව වි⁣දේශ ආයෝජන සම්බන්ධයෙන් අනුගමනය කරන මිත්‍රශීලී පිලිවෙත සහ කොරෝනා හේතුවෙන් ඇතැම් බටහිර රටවල් චීනයෙන් විදේශ ආයෝජන ඉවත් කිරීම මීට හේතු වන්නට ඇති බවයි.

2020 වර්ෂයේදී ඉන්දීය කොටස් වෙ⁣ළෙදපලේ සමස්ත විදේශ ⁣ලැබීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 22, 881 ක් වන අතර එය 2019 වර්ෂයට වඩා සියයට පනස්පහක වැඩිවීමකි.

 ඉන්දීය කොටස් වෙළෙදපලේ දේශිය ගනුදෙනුද 2020 වර්ෂයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර  වර්ෂය තුළ එහි සමස්ත පිරිවැටුම ඩොලර් බිලියන 22ක්.