Sunday, May 5, 2024

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයෙනුත් කොරෝනා ආසාධිතයන් හමුවේ




ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 34 දෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරියන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. 

පී සී ආර් පරීක්ෂණවලට යොමු කර ඇති එම බන්ධනාගාරයේ 69 දෙනෙකු අතරින් එම ආසාදිතයින් 37 දෙනා වාර්තා වී ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවේ. 

පී සී ආර් පරීක්ෂණවලට යොමු කළ කාන්තා රැඳවියන් 39 දෙනෙකුගෙන් 34 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි වැඩිදුරටත් සඳහන් කළා.

වෛරසය ආසාදිත කාන්තා රැඳවියන් ගල්ලෑල්ල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට සහ බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.