Sunday, May 5, 2024

General line - 0115112241

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට කාර්යාලයට ඇතුලු වීම තහනම්




භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා සහ ඔහුගේ දෙවනපෙළ ආශ‍්‍රිතයින් වන එම ආයතනයේ නිලධාරීන් 12 දෙනෙකුට කාර්යාල පරිශ‍්‍රයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. 

ඒ, ඉකුත් 31 වනදා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඔහුගේ නිල රථයේ ගමන්ගත් පොලිස් නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමගයි. 

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ එම ආයතනයේ ප‍්‍රධාන කාර්යයාලයේ ආරක්ෂක ප‍්‍රධානියා වෙත ඉකුත් 04 වනදා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ දින 06 කට පසු සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කෙරෙනතුරු අදාළ නිලධාරීන්ට කාර්යාල පරිශ‍්‍රයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙසයි.