Sunday, May 5, 2024

General line - 0115112241

මුව ආවරණ නොපැළඳ සිටියදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඞ්




මුව ආවරණ පැළඳ නොසිටි කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතෙන් පමණක් නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 523 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊයේ දිනය තුළ බස්නාහිර පළාතෙන් පිටත සිදු කළ මෙහෙයුම්වලදී නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ස`දහන් කළා.

මේ අතර, මේ වනවිට හුදෙකලා ප‍්‍රදේශ ලෙස පවතින්නේ පොලිස් බල ප‍්‍රදේශ 04 ක් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ස`දහන් කළා.