Sunday, May 5, 2024

General line - 0115112241

යුද හමුදාවෙන් කෘෂි කාර්මික සහ පශු සම්පත් බලකායක් (PHOTOS)




ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් අද පිහිටවනු ලැබුවා. ඒ, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුවයි. නව බලකාය ස්ථාපිත කිරීමේ උත්සවය අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී පැවති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ. 

නවීන තාක්ෂණය හා දැනුම උපයෝගී කරගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාව උදෙසා විශ්වාසනීයත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රමවත්ව හැසිරවීම නව බලකාය පිහිටුවීමේ අරමුණු වනවා.