Thursday, May 16, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්වාදීන් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරද්දී බයිඞ්න්ගේ ජය තහවුරු වෙයි




අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල ප‍්‍රථිඵලය පිලිගනිමින් අමෙරිකානු කොංග‍්‍රසය ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය තහවුරු කර තිබෙනවා. අමෙරිකානු කොංග‍්‍රසය එම තීරණය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පැය කිහිපයකට පසුවයි. ඡන්ද විද්‍යාල 

306 ක ජය ජෝ බයිඞ්න් තහවුරු කරගෙන ඇති අතර, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය තහවුරු කිරීමට සමත්ව ඇත්තේ ඡන්ද විද්‍යාල 232 ක් පමණයි. ඒ අනුව, ජෝ බයිඞ්න් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. ඒ සමග, කමලා හැරිස් අමෙරිකානු උප ජනාධිපතිවරිය ලෙස දිව්රුම් දීමට නියමිතයි.  

ජෝ බයිඞ්න්ගේ ජය තහවුරු කිරීම සදහා කොංග‍්‍රස් මණ්ඩලයේ ඡුන්ද විමසීම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් බලහත්කාරයෙන් ඇතුළු වීම හේතුවෙන් හටගත්තේ දැඩි නොසන්සුන්තාවයක්.

ඒ හේතුවෙන් මේ වනවිට වොෂින්ටනයට දින 15 ක කාලයක් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නොසන්සුන්තාව අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ පිළිබද තවත් තොරතුරු නිව්යෝර්ක්හි නෙත් විශේෂ නියෝජිත අශ්වින් හෙම්මාතගමගෙන්.