Sunday, May 5, 2024

General line - 0115112241

මුහුණු ආවරණ පැලද නොසිටි පුද්ගලයින් 24 කොරෝනා




බස්නාහිර පළාතේ මුහුණු ආවරණ පැළද නොසිට අත්අඩංගුවට ගැණුණු පුද්ගලයන්ගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් 2,025 දෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි.

බස්නාහිර පළාතෙන් පිටතදී මුහුණු ආවරණ නොපැළද නොසිටි පුද්ගලයන් 26 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ පැළද නොසිටි සහ දුරස්ථභාවය තබානොගැනීම යටතේ පුද්ගලයන් 2,361 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතේ මත්ස්‍ය හා එළවළු අළෙවි කරන ස්ථාන මෙන්ම සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන ආශි‍්‍රතව අද දිනයේද රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.