Monday, May 6, 2024

General line - 0115112241

අය කිරීමකින් තොරව ලාංකිකයින් ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සඳහා පහසුකම් අඛණ්ඩව සපයනවා




කිසිදු මුදලක් අය නොකර ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. 

සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප‍්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ, විදේශයන්හි පිහිටි ශ‍්‍රී ලාංකික දුත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවයි. 

එලෙස පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන බවත් මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් අවදානම් මට්ටම අනුව ප‍්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ලේකම්වරයා පැවසුවා. 

දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවලදී එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බව විදේශ කටයුතු ඔහු වැඩිදුරටත් සඳහන් කළා.