Sunday, April 28, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය මෙරටටත් : බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අයෙකුට ආසාදනය වී ඇති බවට තහවුරු වේ 




බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය මහාචාර්ය නිළිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයෙකුට බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය VUI-202012/01 ලෙස නම් කර ඇත. මෙම වෛරස් ප්‍රභේදය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව සීයයට 50 ක වේගයෙන් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි වෛරස විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.