Sunday, April 28, 2024

General line - 0115112241

කෝටියකට අධික මුදල් සහ පවුම් 40ක රත්රන් සමග මත්කුඩු ජාවාරම්කාර සිද්ධික්ගේ ගෝලයෙක් අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්ධික් නමැත්තාගේ සමීපතමයෙකු සහ තවත් පුද්ගලයෙකු ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක් කෝටි 26 ලක්‍ෂ 43,000 ක මුදලක් සහ පවුම් 40 ක ස්වර්ණාභරණද සැකකරුවන්ගේ නිවසේ තිබී සොයා ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

මේ අතර කොස්ගොඩ, ඌරගස්මන්හන්දිය, ටකරන් වාඩිය ප‍්‍රදේශයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් කිලෝග‍්‍රෑම් 23 යි ග‍්‍රෑම් 155 ක් සොයාගනු ලැබුවා. එම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් සොයා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.  

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.