Sunday, May 5, 2024

General line - 0115112241

ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 670ක් වාර්තා වෙයි




මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,899 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 670 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින්ගෙන් බහුතරයක් හඳුනා ගැනුණේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරුණා.