Thursday, May 16, 2024

General line - 0115112241

ඇමති ජොන්ස්ටන්ගේ නඩුවක් ගැන මහාධිකරණය තීරණයක් ගනී




අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුවක්, නීතියට පටහැනි ලෙසට ගොනුකර ඇති බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් ගොනුකළ ප‍්‍රතිශෝධනය පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩු කටයුතු අල්ලස් කොමිෂන් සභා පනතේ ප‍්‍රතිපාදනවලට පටහැනි ලෙසට ගොනු කර ඇති බවට මහාධිකරණය තීරණය කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ සමූපකාර තොග වෙළද සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිභාහිරව දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ.