Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රිකට් හදන්න ඇමති නාමල්ගෙන් අළුත් කමිටුවක්




නව ක්‍රිකට් කමිටුවක්  පත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිර්දේශ කර තිබෙනවා. එම කමිටුව මගින් ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධික්ෂණය කරන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සදහන් කළේ. මේ දක්වා එම ක්‍රිකට් කමිටුවට නම් කළ සාමාජිකයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ. 

ක්‍රීඩා අමාත්‍යවරයා සමග හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිදෙනෙකු ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ක්‍රිකට් සංවර්ධනයට ක්‍රිකට් ආයතනය යටතේ ක්‍රියාත්මක වන විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය වී තිබෙනවා. අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු ක්‍රීඩකයින් වන මෙම කමිටුවට නම් කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.