Tuesday, April 30, 2024

General line - 0115112241

රුපියල් 1000 වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් බුලත්සිංහල විරෝධතාවයක් 

තුසිත ද සිල්වා - අළුත්ගම 




රජය විසින් වතු කම්කරුවන් වෙත ලබා දුන් පොරොන්දුව අනුව දෛනික වැටුප රු.1000 ක් කඩින්මින් ලබා දෙන ලෙස ඉල්ලා බුලත්සිංහල නගරයේ අද (01) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණයේ දී වසර හයක සිට තමන් රවටන බවත් වර්ථමානයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ පවා ඉහළ හෙයින් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවත් උද්ඝෝශකයේ චෝදනා කරනවා.

මෙම උද්ඝෝෂණය සඳහා බුලත්සිංහල හා අවට වතු වල සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වී සිටියා.