Tuesday, April 30, 2024

General line - 0115112241

60,000කට කොවිඩ් එන්නත - 58,000ක් පූර්ණ සුවය ලබයි




ඉන්දීය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් 19 මර්දන එන්නත මේ වන විට මෙරට පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසකට ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට එම එන්නත ලබා දී අවසන් කර තිබෙනවා. මෙම එන්නත ලබා දිමේදි ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි. 

මේ අතර මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,075 දෙනෙකු දක්වා අද ඉහළ ගියා. ඒ, කොවිඩ් ආසාදිතයින් 916කු අද දිනයේ පූර්ණ සුවය ලැබීමත් සමගයි.