Tuesday, April 30, 2024

General line - 0115112241

මෙවරත් නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි




මෙවර 73වන ජාතික නිදහස් සැමරුම් උත්සවය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ඒ, නිදහස් සැමරුම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙතෙක් රටතුළ භාවිත කළ බොහෝ ජාතික ධජ නිවැරදි නොවන බව නෙත් නිවුස් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද උදෑසන 06යි 25 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට එක්වෙමින් පැවසුවේ ප්‍රමිතිගත නිවැරදි ජාතික ධජය මෙම වසරේ සිට භාවිත කිරීමට කටයුතු කරන බවයි. මෙම මාධ්‍ය හමුවට එක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විමසිමක් කළා.

මෙවර නිදහස් සැමරුම් උත්සවය නැරඹීමට මහජනතාවට අවස්ථාව නොලැබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.