Tuesday, April 30, 2024

General line - 0115112241

විල්පත්තු රක්ෂිතයේ තීන්දුව ඉවතලන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 

අධිකරණ වාර්තාකරු




විල්පත්තු රක්ෂිතය අවට පිහිට කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ  එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අභියාචනාධිකරණය තමා සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 16 දා ලබා දුන් තීන්දුව ඉවතලන නියෝගයක් නිකුත් කරන ලෙසට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සිය අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටියි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ පුද්ගලික වියදමින් එම ප්‍රදේශ වල නැවත වන වගාවන් ඇති කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබුණා.

අභියාචනාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමෙන් පෙත්සම්කරු අයදීමක් කර නොතිබුණු සහනයක් අභියාචනාධිකරණය ලබා දී බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට ලබා දීමට බලයක් නොමැති බවයි මෙහිදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ.

නැවත පදිංචි කිරීම් ඇතුළු කටයුතු සිදු කිරීම විවිධ පාර්ශවයන්ගේ මැදිහත් වීම් තුලින් සිදු වුවත් එය තමන්ගේ මූලිකත්වයෙන් පමණක් සිදු වූ බවට අභියාචනාධිකරණය තීන්දු කිරීම දෝෂ සහිත බව ඔහු පවසා සිටියි. . 

මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මුල් පෙත්සම ගොනු කරන ලදි.   

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.