Tuesday, April 30, 2024

General line - 0115112241

නැගෙනහිර පර්යන්තය ගැන ශ්‍රී ලංකාවේ අලුත් යෝජනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි




කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව බවයි. 

කෙසේවෙතත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා.