Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ෆිට්නස් මනින්න අලුත් ක්‍රමයක්




ජාතික කණ්ඩයෙම් සියලු ක්‍රීඩකයින් සඳහා නව ශාරීරික යෝග්‍යතා මට්ටමක් හඳුන්වාදී තිබෙනවාග ඒල එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින්. පුහුණු සංචිතයට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 35 දෙනා සඳහා මෙම නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කෙරෙනු ඇති. ඒ අනුව ක්‍රීඩකයින් සියලූ දෙනා කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් තුළ දිවීම කළ යුතුයි.

 ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වූ නව ශාරිරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාරු වන ග්‍රාන්ට් ලූඩන් විසින් මෙම නව ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා. සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පන්දු යවන්නෙකු කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 7 යි තත්පර 30 කින් හා පිතිකරුවෙකු කිලෝමීටර් 2ක් විනාඩි 8 කින් දිවීම කළ යුතු වනවාග මෙම පරිසාධන මට්ටම් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හදුන්වාදීමට නියමිතව තිබෙනවා.

යම් ක්‍රීඩකයෙකු පළමුවර මෙම පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට දෙවන වර සමත්වීම සදහා දින 40 ක කාලයක් ලබාදී තිබෙනවා. එම කාලය තුළදී ඔහු දෙවන වරටත් අසමත් වුවහොත් එම ක්‍රීඩකයාට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

 ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද සිය ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව මැන බැලීමට යොදා ගන්නේ මෙවැනි ක්‍රමවේදයක්. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව කප්පාදු කිරීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙනවා.