Monday, May 6, 2024

General line - 0115112241

ට්‍රම්ප් සමග බුද්ධි තොරතුරු හුවමාරුවට බයිඩ්න් අකමැත්තෙන්




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගත යුතු යැයි තමන් විශ්වාස නොකරන බව, එරට ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ වැරදි හැසිරීම් හේතුවෙන් තමන් එම මතය දරන බවයි.

අමෙරිකාවේ ධූරය දරන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන් සමග යම් - යම් බුද්ධි තොරතුරු සමග හුවමාරු කර ගැනීම සම්ප්‍රදායක්. ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරය දරන සමයේ ද අමෙරිකානු බුද්ධි අංශ අවමානයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බැවින් එලෙස බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම අවශ්‍ය නොවන බවයි.