සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ මෙරට වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඩොට් එල් කේ යන ඩොමේන් නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට ඇතුළු වීමට බාධා එල්ල වුණේ අද පෙරවරුවේයි.
මේ වනවිට බිඳ වැටුණු වෙබ් අඩවි යථා තත්වයට පත් කර ඇති බවයි ඩොට් එල් කේ ඩොමේන් රෙජිස්ටි්‍ර ආයතනයේ ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.