Monday, May 6, 2024

General line - 0115112241

100 වන ටෙස්ට් තරඟයේදී ජෝ රූට් ඉතිහාසයට එක්වෙයි




තමන් සහභාගී වූ 100 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් අද සමත් වුණා. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ අද දිනයේදීයි.

එහිදී ජෝ රූට් රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 ක්. පන්දු 377 කට මුහුණ දුන් ජෝ රූට් හතරේ පහර 19 ක් සහ හයේ පහර 02 ක් සිය ඉනිමට ඇතුළත් කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම අද දිනය නිමා වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 08 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 555 ක්.  

පන්දු යැවීමේදී ඉෂාන්ත් ෂර්මා ලකුණු 52 ට කඩුලු 02 යි. ජස්ප්‍රිට් බුම්රා ලකුණු 81 කට කඩුලු 02 ක් බිඳ හෙළුවා. තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නායිහිදීයි.