Friday, November 1, 2024

General line - 0115112241

ඉන්දියාවේ මාර්ග රැසක් ගොවීන් අවහිර කරයි




කෘෂිකර්මාන්තයට බලපාන නව නීති අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වන ඉන්දීය ගොවීන් දස දහසකට අධික පිරිසක් අද ඉන්දියාව පුරා මහාමාර්ග අවහිර කර තිබෙනවා. ඔවුන් පැය 03 කට අධික කාලයක් ට්‍රැක්ටර් රථවලින් නවදිල්ලි අගනුවර අවට ප්‍රාන්ත ඇතුළු මාර්ග අවහිර කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම කාලය තුළ විරෝධතාවට එක්වූ ගොවීන් ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගීත වාදනය කරමින් සහ රජයට එරෙහි වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී තිබෙනවා. 

ඉන්දීය ගොවීන් මෙලෙස දැවැන්ත මාර්ග අවහිර කිරීමක නිරත වී සිටින්නේ ජාත්‍යන්තරයේම අවධානය යොමුවී ඇති පසුබිමකයි. විරෝධතාකරුවන් සහ බලධාරීන් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා. ඉන්දීය ගොවීන්ගේ මෙම දැැවැන්ත විරෝධතා මාලාව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට විශාල අභියෝගයක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.