Monday, May 6, 2024

General line - 0115112241

සාම්ප්‍රදායික ජීවන රටාව විනාශ කළ පිරිසක් ගැන රාජ්‍ය අමාත්‍යවරයෙක් කථා කරයි




මෙරට සාම්ප්‍රදායික ජීවන රටාව විනාශ කිරීම අධිරාජ්‍යවාදීන් සිදුකළ විශාලතම හානිය බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

වසර 11 ක පමණ කාලයක සිට ආහාර සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීම්වලට කිසිදු රජයෙක් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි මෙහිදී අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සදහන් කළේ.

මෙම සම්මන්ත්‍රණයේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද අදහස් පළ කළා.