Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට රජයෙන් ප්‍රකාශයක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. එම අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර කුමාර දිසානායක සහ මනෝ ගනේෂන්ද මීට ඉල්ලීම් කර තිබුණා.