Monday, May 6, 2024

General line - 0115112241

දේවානි ජයතිලක හුදෙකලා සටනක් සිදුකරන බවට පෙන්වීමට උත්සාහ දරනවා - වන සංරක්ෂණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි




ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක හුදෙකලා සටහනක් රැගෙන යන බවට පෙන්වීමට උත්සහ දරන බවත් ඇතැම් අය පෞද්ගලිකව ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීමට උන්මත්තක ලෙස කටයුතු කරන බව වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ගම්පහ, දාරලුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දුර්ලභ ක්‍රොඩියා සෙයිලනිකා ශාකය අධිවේගී මාර්ගය ඉදිකිරිම හේතුවෙන් වෙනත් ස්ථානයකට උගුල්ලා ගොස් සිටුවීමට සුදානම් වන බවත් එය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරිනියක් වන දේවානි ජයතිලක හුදෙකලා සටනක් සිදුකරන බැවින් ඒ සඳහා සහය දැක්වීමට වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශය ලෙසට කටයුතු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේ දී නගන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය සී.බී. රත්නායක මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විට සිය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ වන විටත් එම ස්ථානයට ගොස් තිබෙනවා. අප සතුව තිබෙන තාක්ෂණය බද්ධ කරලා ගත හැකි ක්‍රියා මාර්ග අප ගන්නවා නැත්නම් ඊට යෙදිය හැකි විකල්ප ක්‍රම ගැන අප සොයා බලා කටයුතු කරන්න සුදානම් යැයි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බි. රත්නායක පාර්ලිමේන්තුව හමුවේ අද කියා සිටියා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති ගම්පහ දාරුලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා ශාකය සම්බන්ධයෙන් අද දිනයේදීද අදහස් පළ වුණා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස පිළිතුරු ලබාදුන්නා.