Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ හරින බවට එල්ල වූ චෝදනාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතුරු




ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා කිසිවක් අපතේ නොහරින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එම එන්නත් එක් ඇසුරුමක අඩංගු මිලිලීටර් 6 යි දශම දෙකෙන් දශම 5 ක් පමණක් භාවිත කර කොටසක් භාවිතයට නොගන්නා බවට වෛද්‍යවරුන් චෝදනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.