Saturday, May 4, 2024

General line - 0115112241

ලක්‍ෂ අසූවකට අධික කූෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට




ගුවන් තැපෑල ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ කූෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 150ක් රේගු භාරයට ගෙන තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය තොගය පාර්සල් පහක අසුරා තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධිකයි. එම මත්ද්‍රව්‍ය රේගුවට අයත් ගුදමක ගබඩා කර තිබු අතර එම පාර්සල්වල හිමිකරුකරුවන් එය මුදා ගැනීමට නොපැමිණීම හේතුවෙන් සැකසිතූ රේගු නිලධාරීන් එහි ලිපිනයන් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් එම පාර්සල්වල ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට තොරතුරු තහවුරුවීමත් සමග අදාළ පාර්සල් තොගය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි විවෘත කෙරුණු අතර එහිදී එම මත්ද්‍රව්‍ය සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.