Sunday, May 5, 2024

General line - 0115112241

යාපනයේ වියස්කාන්ත් ඇතුළු ශ්‍රී ලංකාවේ 09 ක් අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිිකට් තරගාවලියට අදාළ ක්‍ර්‍රීීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍ර්‍රීීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව වෙන්දේසිය සදහා ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයින් 1,114 දෙනාගෙන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292 දෙනෙකු පමණයි.

ශ්‍රී ලංකා ක්‍ර්‍රීීඩකයින් 31 දෙනෙකු පසුගියදා ඒ සදහා ලියාපදිංචි වී තිබූ අතර ඉන් අවසන් ලැයිස්තුවට තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි. ඒ අනුව මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍ර්‍රීීඩකයින් වන්නේ කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍ර්‍රීීඩකයින්. 

එල් පී එල් තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කළ යාපනයේ විජයකාන්ත් වියස්කාන්ත්ට මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන තිබීම කැපී පෙනෙනවා.

වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍ර්‍රීීඩක කාණ්ඩයට ක්‍ර්‍රීීඩකයින් 10 දෙනෙකු ඇතුළත්. ඊට හර්බජාන් සිං සහ කෙදාර් ජාදාව් යන ඉන්දීය ක්‍ර්‍රීීඩකයින් දෙදෙනා මෙන්ම, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාර්ක් වුඩ් යන විදෙස් ක්‍ර්‍රීීඩකයින් 8 දෙනා ඇතුළත්ව සිටිනවා. අයි.පී.එල් ක්‍ර්‍රීීඩක වෙන්දේසිය ලබන 18 වනදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.