Saturday, May 4, 2024

General line - 0115112241

දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ කටයුතු සඳහා මුදල් එක්රැස් කිරිම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ




දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන අද ආරම්භ වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදීයි.

දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව සැලසුම් කෙරෙන චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු තෙවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා. ඒ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයක්. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය  ලබාදිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, අද ආරම්භ වූ දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් රුපියල් මිලියන 05 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.